how mutch online

Gril Happy
rahas padesha

How to create a blog site ? - බ්ලොග් එකක් තනිවම නිර්මාණය කරමු.

අද ඔයාලට කියලා දෙන්න යන්නේ තමන්ගෙම කියලා බ්ලොග් එකක් නොමිලේම නිර්මාණය කරගන්නේ කොහොමද කියලා.ඔයාලට තේරුම් ගැනීමට හැකිවන්න මම සරලව පින්තුර සමග පියවරෙන් පියවර කියලා දෙන්නම්.මේ සදහා සේවා සපයන ආයතන අතරින්  ගුගල් සමාගමේ Blogger මගින් බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය පියවරෙන් පියවර බලමු.

මේ සදහා අවශ්‍ය වන්නේ Gmail ගිණුමක් පමණයි.ඔයාට Gmail ගිණුමක් නැත්නම් මෙතන ක්ලික් කරලා Gmail ගිණුමක් හදාගන්න.දැන් බලමු කොහෙමද බ්ලොග් එක හදන්නේ කියලා.

මුලින්ම  Blogger site එකේ Register වෙන්න ඕන.ඒ සදහා Blogger site එකට යන්න.

Sign in කියන තැන ඔයාගේ   Gmail ලිපිනය හා Password ලබාදි sign in කරන්න.

(පින්තුර 1 )

දැන් Continue to Blogger කියන එක ක්ලික් කරන්න.

(පින්තුර 2)

දැන් New Blog ක්ලික් කරන්න.

(පින්තුර 3)

මෙතනදි Title කියන තැනට  ඔයාලගේ බ්ලොග් එකට දාන නම සහ Address කියන තැනට බ්ලොග් එකේ  Address එක ලබාදී Template කියන තැන කැමති Template එකක් තෝරා Create Blog ක්ලික් කරන්න.

ඔයාලා Address එක තෝරද්දි දැනට භාවිත වෙන නම් ලබාගන්න බැරිවෙනවා.ඒක නිසා අලුත් Address එකක් ලබාදෙන්න.ඒ වගේම Template තෝරද්දි Blogger වලින් දිල තියෙන Template ගොඩක් ලස්සන නැ.කැමතිනම් වෙන Template එකක් දාන්න පුලුවන්.අපි බ්ලොග් එකක් කරන්නේ ලස්සනට දැක්කම ආස හිතෙන්නනේ.ඉතින් අපට පුලුවන් නොමිලේ Blogger Template ලබාදෙන සයිට් එකකින් Template තෝරගන්න. පහත වෙබ් සයිට් වලින් කැමති Template එකක් තෝරලා Download කරගන්න.

(පින්තුර 4)

දැන් බලමු කොහොමද අපි Download කරගත් Template එක අපේ බ්ලොග් එකට දාන්නේ කියලා පියවරෙන් පියවර.

මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ නම ක්ලික් කරන්න

(පින්තුර 5)

දැන් බලන්න වම් පැත්තේ පහලට වෙන්න Template කියල ඇති.ඒක ක්ලික් කරන්න.

දැන් දකුණු පැත්තේ ඉහල ඇති Backup/Restore ක්ලික් කරන්න.

Browse ක්ලික් කරලා ඔයා Download කරගත් Template එක තියෙන තැන Desktop Downloads  වලද  තෝරලා ඒ Download කරගත් Template එක තෝරලා open ක්ලික් කරන්න.

දැන් Upload ක්ලික් කරන්න.

(පින්තුර 6)

Upload වි අවසාන වුනාට පසු ඉහල ඇති view blog ක්ලික් කර ඔයා තෝරාගත් Template එක ඔයාගේ බ්ලොග් එකට වැටි ඇත්තේ කේසේද කියා බලාගන්න පුලුවන්.

දැන් ඔයා බැලුවනේ ඔයාගේ Template එක දැන් බලමු ඒකේ වෙනස්කම් කරන්නේ කොහොමද කියලා.මොකද ඒකේ තියෙන දේවල්  ඔයාගේ බ්ලොග් එකට ගැලපෙන ආකරට ලස්සනට නිර්මාණය කරගන්න ඕන නේ.ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

ඔ‍යා භාවිතා කල Template එකේ slider bar එකක් තියේනම් ඒක වෙනස් කර ගන්නේ කොහොමද බලමු.මම ඒක මම යොදාගත් Template එකේන් කරන ආකාරය කියන්නම්.

මුලින්ම වම් පැත්තේ පහල ඇති Template (ක්ලික් කරන්න) කියන තැනට යන්න.

දැන් කිබෝඩ් එකේ Ctrl+F ක්ලික් කරන්න. (Find විධානය ).දැන් පහලින් තිරුවක් දකින්න ලැබේවි පොඩි Box ඒකක් සමග.

Edit HTML ක්ලික් කරන්න.

ක්ලික් proceed

(පින්තුර 7)

Expand widget Template කියන තැන බොක්ස් එකේ ටික් එක දාන්න.

ඔයා ඔයාගේ Template preview එක බලද්දි  slider bar එකේ දැනට තියෙන පින්තුර වල‍ට යටින් පහත වාක්‍ය දකින්න ඇති .

THIS IS DEFAULT FEATURED POST 1 TITLE

දැන්  ඒ වක්‍යය වෙනුවට වෙන එකක් හා වෙන පින්තුරයක් වෙනම විස්තර ටිකක් දාමු.

(පින්තුර 8)

Find බෝක්ස් එකේ ඉහත වක්‍යයේ මුල් වචන කිපය ටයිප් කරන්න.දැන් ඔයාලට කොල පාටින් ඔයා ටයිප් කරන වචන ටිකම හයිලයිට් වෙනවා පෙනේවි.එසේ හයිලයිට් වන තැන ක්ලික් කරන්න.

(පින්තුර 8)

දැන් බලමු කොහොමද ඒක වෙනස් කරන්නේ කියලා.ඒ සදහා මම පහත පින්තුරයේ විස්තර දාලා තියෙනවා කරන විදිය.

(පින්තුර 9)

featured-post-2-url-here  මේතනට ඒ පින්තුරයට අදාල පෝස්ට් එකේ හෝ වේබ් සයිට් එකේ ලින්ක් එක ලබාදෙන්න.එවිට මේක ක්ලික් කරාම ඒ සයිට් එකය යනවා.

img src=' http://4.bp.blogspot.com/-8Iy- /s1600/2.jpg '> හයිලයිට් කරපු තැනට ඔයාගේ පින්තුරයේ URL ඒක ලබාදෙන්න.

This is default featured post 2 title ‍මෙතන ඔයාගේ පෝස්ට් එකේ  මාතෘකාව ලබාදෙන්න.

Go to Blogger edit html and find these sentences
හයිලයිට් කරපු තැනට පෝස්ට් එකේ පොඩි විස්තරයක් දාන්න

ඉහත ආකාරයට තිබෙන සයිඩ් 5 සකස් කරගෙන save template ක්ලික් කරන්න.

හොදයි දැන් එහෙනම් බලමු  අපේ template එකේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කිරිම හා අවශ්‍ය කොටස් අපට ඕන විදියට වෙනස් කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම වම් පැත්තේ තියෙන ලිස්ට් එකේ Layout ක්ලික් කරන්න.

දැන් ඔයාලට පහත ඇති නම් හෝ වෙනත් නම් සහිත තිරු තිරු දකිය හැක.

Popular posts , Attribution , About me , Blog Archive , Label , Recent Posts , Recent Comment , Categories , Connect with us , Recommended ,

ඉහත අතාරයේ විවිධ ගැජට් දැකගත හැකිය.සමහර ඒවායින් දෙක දෙක තියෙන්න පුලුවන්.‍දැන් අපි මේවා අපිට ඕන විදිය‍ට වෙනස් කර ගමු.

(පින්තුර 10)

මුලින්ම ඔයා තිබෙන Gadget ඔක්කොම බලන්න.අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියලා තිරනය කරන්න.

දැන් අපි Blog Archive කියන ඒක වෙනස් කරමු

Blog Archive  කියන තැන ඇති Edit කියලා ඒක ක්ලික් කරන්න. දැන් වෙනම පිටුවකින් ඒක ඕපන් වෙනවා.

ඒකේ Blog Archive වෙනුවට සිංහල බ්ලොග් එකක්නම් සිංහලෙන් ටයිප් කරන්න සියලුම ලිපි  නැත්නම් මෙතෙක් පලවු ලිපි මෙවැනි නමක් යොදාන්න වෙන අවශ්‍ය වෙනස්කම් කර අවසානයේ save කරන්න.

(පින්තුර 11)

ඒ වගේම අනවශ්‍ය ඒකක් තියෙනම් Edit ගිහින් Remove කරන්න.

එවැනි එකක් තියෙන තැන වෙනස් කර ගන්නවානම් ඉහලට හෝ පහලට ගන්න ඕනනම් ඒ ගැජට් එක ගාවට මවුස් ‍එක ගෙන ගියාම ඊතල 4ක් පෙන්නාවි ඒ විට අදාල ස්ථානයට ඩ්‍රැරග් කර තියෙන තැන වෙනස් කරගන්න පුලුවන්.

දැන් බලමු අලුත් Gadget එකක් හෝ වෙනත් Java script  ඒකක් එකතු කරගන්‍නෙ කොහොමද  කියලා

මුලින්ම Add Gadget ක්ලික් කරන්න.

දැන් ලැබෙන ලිස්ට් එකෙන් පුලුවන් ඔයාට කැමති දෙයක් එකතු කරගන්න.

වෙනත් Java script  එකතු කරගන්න අවශ්‍ය නම් HTML/Java script ක්ලික් කරන්න.

දැන් ඔයා දාන ගැජට් එකට මාතෘකාවක් දානවනම් දන්න. Content කියන තැනට Java script  එක paste කර save කරන්න.

(පින්තුර 12)

පොඩි දෙයක් අමතක වුනා අනවශ්‍ය ගැජට් ඉවත් කරද්දි ඔයාට සමහර අවස්ථා වලසදි සමහරක් ගැජට් වෙනස් කරන්න බැරි වේවි.එසේ වෙනස් කරන්න බැරි ඒකේ නම බලාගන්න.

ඊ ලගට template වලට යන්න

Edit HTML ක්ලික් කරන්න.

ක්ලික් proceed

Expand widget Template කියන තැන බොක්ස් එකේ ටික් එක දාන්න දැන් Find බෝක්ස් ඒකේ අර ගැජට් එකේ නම ටයිප් කරන්න.අර කලින් වගේම ඒ නම කොල පාටින් හයිලයිට් වෙනවා පෙනේවි ඒතන ක්ලික් කරන්න.

<b:widget id='Attribution1' locked='true' title='' type='Attribution'>   true  වෙනුවට false ලෙස ටයිප් කර save කරන්න.දැන් Layout වලට ගිහින් අදාල ඒක අයින් කරගන්න හෝ වෙනස් කර ගන්න පුලුවන්.

හොදයි දැන් බලමු කොහොමද පහල තියෙන Design By , copyright , Powered by  වැනි ස්ථාන වෙනස් කරන්නේ කොහොමද කියලා.

template වලට යන්න  - Edit HTML ක්ලික් කරන්න - ක්ලික් proceed  දැන් එන වින්ඩො එකේ පහලටම යන්න . දැන් ඔයාලට පහත අකාරයට පෙනේවි.

Copyright © 2011 <data:blog.title/> | Powered by Blogger

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Laundry Detergent Coupons

ඉහත ස්ථාන ඔයාට කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්.හැබැයි ඒක අපට අවසර නැතුව තමා කරන්න වෙන්නේ.අපේ බ්ලොග් එකේ අපේ විස්තර එපයි දාන්න.ඉතින් මෙතනින් ඔයාලගේ වෙනස් කම් සිදු කර save කරන්න.

ඕයාගේ බ්ලොග් එකේ Footer ඒක වගේම Header එකත් ලස්සන කරගන්න ඕනනේ.ඒක කරන්නේ Layout වලට යන්න දැන් ඉහලම ඇති  Header කියලා.එකේ Edit ක්ලික් කරන්න.

දැන් ඔයාට පුලුවන් නම වෙනස් කරන්න  Blog Description එකක් දාන්න තව නම ලස්සනට ෆෝටෝ ෂොප් වලින් එහෙම හදලා දාන්න එහෙම මෙතන්න පුලුවන්.

Image එකක් දානවනම් Image කියන තැනට ගොස් ඔයාගේ compute එකේ තියෙනම් From your computer කියන තැනින් බ්‍රවුස් කරලා අදාල Image එක දාගන්න පුලුවන්.

හොදයි දැන් බ්ලොග් එක හදලා ලස්සන කරලා ඉවරයි දැන් තියෙන්නේ ඒකට post (ලිපි) දාන්න.කොහොමද බලමු post එකක් දාන්නේ කොහොමද කියලා.

ඔයාගේ බ්ලොග් එකේ මුලින්ම ඇති post කියලා ඒක හෝ ඉහලම ඇති පැන්සලක ලකුනක් ඒක ක්ලික් කරන්න.

දැන්  post කියන තැන post ඒකේ නම හා පහලින් විස්තරය ටයිප් කරන්න.ඒ සමගම ඉහලින් ඇති ටුල් බාර් මගින් ඔයාගේ ලිපිය ලස්සන කරගන්න පුලුවන්. පින්තුර විඩියෝ ඒ වගේම අකුරු සයිස් වෙනස් කරන්න බෝල්ඩ් කරන්න පුලුවන්.එසේ වෙනස් කර අවසානයේ publish ක්ලික් කරන්න.දැන් ඔයාගේ ලිපිය එකතු කර අවසානයි.මේ අකාරයට ලිපි ඒකතු කල හැකිය.

දැන් මම හිතනවා ඔයාලට පුලුවන් වෙවි තනියම බ්ලොග් එකක් නිර්මාණය කර ගන්න.ඒ තුලින් ආදායමක් හොයාගන්නත් පුලුවන්.ඉංග්‍රිසියෙන් ඔයාගෙම ලිපි දාලා බ්ලොග් එක කලොත් ඔයාට පුලුවන් ගුගල් ඇඩ්සෙන් හො වෙනත් ඇඩ් වර්ග භාවිතා කර ඒ තුලින් අමතර අදායමක් උපයන්න.මම මෙ ලිපිය ලියන්න ගොඩක් මහනසි වුනා.ඔයාලා මෙක බලලා ඔයාලගේ අදහස් කියලා යන්න අමතක කරන්න ඒපා.

ඉදිරියෙදි බ්ලොග් එකට දැමිය හැකි වෙනත් ගැජට් ගැන පෝස්ට් එකක් දාන්න ඉන්නේ.ලගදිම ඒ පෝස්ට් එකත් දානවා.මේ සම්බන්දව ගැටලු තියෙනම් කියන්න.

How to create a blog site? , How to Create a Successful Blog on Blogspot - Tutorial , Creating a blog is easy , Create a Blog - How to Create a Blog for Free in 4 Easy Steps , How to Start a Blog , How do I set up a blog? , Create My Own Free Blog - Get Your New Blog , Learn how to create a blog website ,

23 අදහස්:

1. ela ela aluth ayata godak watinawa. blogger aluth update eken passe sinhalen sampurna wistarayak dakkama thamay me. blog gadjet liyanna kalin machan blogger dash board gana liwwoth kattiyata wadagath wey. I mean overview, settings, layout, etc...
sry sinhalen kotanna wela nehe. ekay mehema damme. digatama liyanna. All da best bro...
Max

ReplyDelete
2. බොහෝම ස්තුතියි. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.ඊලග පොස්ට් එකට ඒක එකතු කරන්නම්

ReplyDelete
3. aneban dena aka addras akakwath hareyanne nane moko karanne.

ReplyDelete
4. ඒකට හේතුව දැනටත් ඒ නම් අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා බලන්න
monawage ekadda hadanna hithan enne

ReplyDelete
5. mage blog ekata, web page maker walin hadapu pages add kara ganne khomada?

ReplyDelete
6. oya godak mahansi wela tiyenawa.e wagema godak wedagath post ekak.mama goadak dewal e\igena gaththa.thanks.thawa aluth lipi balaporoththu wenawa

ReplyDelete
7. machan ara coolbthemes.com kiyanne lankawe kenek karana site ekakda? pattai machan ekanam, uba pattetama lipiya liyala, digatama mewage ewa danna mcahn

ReplyDelete
8. හොඳ ලිපියක්!
දිගටම ලියන්න.
සුබ පැතුම් හදවතින්ම...

ReplyDelete
9. අදහස් දැක්වු හැමටම බොහෝම ස්තුතියි.

ReplyDelete
10. තැන්ක්ස් මචන් මෙගේ ලින්ක් එකක දැම්මට කොල්ලෝ, මමත් උබ වගේම මාතර එකක්

ReplyDelete
11. @lasindu එල එල අපි ඔක්කොම ලංකාව අය ෙන්

ReplyDelete
12. මම නම් දැනටමත් බ්ලොග් එකක් කරගෙන යනව.කොහොම උනත් අලුතින් බ්ලොග් එකක් පටන් ගන්න කෙනෙක්ට නම් ගොඩක් වැදගත් වෙන ලිපියක්.ස්තූතියි යාලුව

ReplyDelete
13. හොඳ ලිපියක්!
දිගටම ලියන්න.
සුබ පැතුම් සුහද පුර වෙබි අඩවිය රාජු

ReplyDelete
14. thnxx yayaluwaaa....patta wade..dreamweaver gana poddk dapan mcn...

ReplyDelete
15. පට්ට ස්තූතියි

ReplyDelete
16. mekedi mama thora gatte meke thibunu template ekak damme eke setting wala edit html dun pasu proccesd kiyala wachanayak awe na e mokada

ReplyDelete
17. Facebook පේජ් එකකක් හරි ආකාරව පොන් එකකින් කරන්න පුලුවන් ද නැතිනම් කම්පියුටයක්ම ඔනද බුට්ස් කරන්න

ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.