how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

චයින ෆෝන් වල මොබිටෙල් GPRS සෙටින්ස් හදමු.....

 










දැනට චයිනා ෆෝන් බාවිතා කරන අය ඉන්ටර්නෙට් යන්න බැරුව ඉන්නවා නේද...කම්පැනි කෝල් කලාම චයින ෆෝන් එකක් කිව්වාම සෙටින්ස් එවන්න බෑ .ශාකාවකට යන්න කියනවා.මම කියලා දෙන්නම් ගෙදර ඉදගෙන ඔයාලටම සෙටින්ස් හදා ගන්න ක්‍රමය.

මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මෙනු වෙත යන්න.
දැන් මෙනු එකේ  Services/wap/internet යන නම් වලින් එකක් ඇත.එය විවෘත්ත (OK) කරන්න .
එහි තිබෙන Data account තෝරන්න ( OK කරන්න).
දැන් GPRS තෝරන්න ( OK කරන්න).
දැන් 1 2 3 4 ..අංකත් එක්ක නම් ටිකක් තියෙනවා නේද...එයින් ඕනෑම එකක් තෝරන්න ( Edit OK ).
 ලැබෙන මෙනුවේ Account Name කියන තැනට කැමති නමක් (M3)ටයිප් කර OK  කරන්න.
 APN කියන තැනට mobitel3g ලෙස ටයිප් කර OK කරන්න.
 දැන්  Done  හෝ OKකරන්න.


නැවත Services/wap/internet වෙත ගොස්  wap තෝරා එහි Settings   තෝරන්න.
එහි Edit profile තෝරා OK කරන්න.
දැන් ඔයාගේ මොබිටෙල් සිම් එක තියෙන්නේ SIM 1 ද SIM 2  ද යන්න තෝරා OK කරන්න.
Select profile තුල තිබෙන  ඕනෑම  profile එකක් තෝරා OK කරන්න.
Edit profile  තෝරන්න.
rename profile name කියන තැන ඔයා කැමති නමක් (m3 ) ටයිප් කරන්න.
ඉන් පසු Homepage කියන තැන  wap.mobilel.lk ලෙස ටයිප් කරන්න.
දැන් Data account කියන තැන තෝරා   GPRS තෝරා OK කරන්න.
දැන් ඔයා කලින් Account Name කියන තැනට ටයිප් කල (M3) නම තෝරා OK කරන්න.
ඊලගට   Connection Type තෝරන්න.එහි  Wap තෝරා OK කරන්න.දැන්   IP addres එකක් ඉල්ලනවා නේද. එතනට 192.168.050.163 ලෙස ටයිප් කර OK කරන්න. අවසානයේ Done කරන්න.දැන් ඔයාලගෙන් අහවි Save?  Yes  හෝ No  කියලා.Yes කරන්න.
දැන් Activate profile  තෝරා OK කරන්න. 
දැන් ඉන්ටර්නෙට් වැඩ කරනවද බලන්න.හරිගියේ නැත්නම් ඕප් කර ඔන් කරලා බලන්න.


මෙහෙම හදාගන්න බැරිනම් මට කියන්න මම උදව් කරන්නම්.....
matarababy@gmail.com

0 අදහස්:

Post a Comment

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.