how mutch online

Gril Happy
 rahas padesha
Showing posts with label Mobile Phone. Show all posts
Showing posts with label Mobile Phone. Show all posts

Internet Settings ගේමක් නැතිව හදමු.

අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල GPRS නැත්නම් INTERNET Settings හදන්නේ කොහෙමද කියලා.මේක මම කලින් sl4tech එකේ දාපු ලිපියක්.ඒක මම කැඩිච්ච කඩ්ඩෙන් ලිව්වේ :P . දැන් ඉතින් ඉතින් තේරෙන සිංහලෙන් දාන්න හිතුවා.

විවිධ නෙට්වක්වල සිම් භාවිතා කරන අය ඉන්නවනේ ඒ ඕනැම කෙනෙකුට තමාගේ සිම් එකේ නෙට්වක් එක අනුව Internet Settings හදාගන්න විදිය පහත තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විතරයි මේ විදියට හදන්න පුලුවන්.

  • මුලින්ම ඔයාගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Menu වලට යන්න.

  • Settings තෝරන්න > Wireless and networks තෝරන්න 

  • Wireless and networks වල පහලම තියෙන Mobile networks තෝරන්න 

  • ඒකේ මුලින්ම ඇති use packet data කියලා එකක්.ඒකට ටික් එකක් දාන්න.

  • දැන් Access point name තෝරන්න 

  • දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Internet Settings තියෙනවානම් මෙතන ඒවා බලාගන්න පුලුවන්.දැන් බලමු කොහොමද අලුතෙන් හදන්නේ කියලා.

  • options buttons එක ක්ලික් කරන්න.  රුපය 1 බලන්න.

  • දැන්  + ලකුණක් සමග තියෙන  New APN  කියන එක තෝරන්න.

     රුපය 1 (options buttons)

  •  Name තෝරන්න. Name එකට ඔයාගේ නෙට්වර්ක් ඒකේ නම ටයිප් කර ok කරන්න. (Eg : Mobitel ,Dialog ,Hutch ,Airtel , Etisalat)

  • APN තෝරන්න. APN එකට පහත තියන APN වලින් අදාල එක ටයිප් කරන්න.

Network Name         APN

Mobitel                 :   mobitel3g

Dialog                   :   Pre paid sim   ppwap

                                Post paid sim  www.dialogsl.com                           

Etisalat                  :   wap

Hutch                    :   htwap

Airtel                     :  Airtellive


  • ගොඩක් වෙලාවට APN ටයිප් කරලා සේව් කලාමත් Internet වැඩ කරනවා. ඉතුරුටිකත් හදන විදිය බලමු.

  • APN ටයිප් කර ok කරන්න.දැන් ඊට පහලින් තියෙන MMSC proxy කියන එක තෝරන්න

  • පහත තියන MMSC proxy වලින් අදාල එක ටයිප් කරන්න.

 

Network Name         MMSC proxy

Mobitel                 :   192.168.050.163

Dialog                   :   192.168.122.002                         

Etisalat                  :   192.168.104.004

Hutch                    :   010.220.135.249

Airtel                     :   010.200.184.086

 

  •  MMSC port තෝරන්න.ඒ සදහා 8080 ලෙස ටයිප් කරන්න.මෙය සැම නෙට්වර්ක් එකකම සමාන වන අතර Etisalat වල පමණක් 9401 ලෙස ටයිප් කරන්න.

  • APN type තෝරන්න .ඒ සදහා Internet ලෙස ටයිප් කරන්න.සමහර ෆෝන් වල මෙය තෝරන්න තියෙන්න පුලුවන්.එහිදි Internet හෝ Internet + MMS තෝරන්න.

  •  දැන් නැවතත් options buttons එක ක්ලික් කර Save කරන්න .  රුපය 1 බලන්න.

  •  දැන් ඔයා Name එකට දාපු නමට ඉදිරියෙන් රවුමක් කොලපාටින් වැටිලා තියෙද බලන්නත.එසේ වැටිලා නැත්නම් ඒය ඉදිරියෙන් තියෙන රවුම ක්ලික් කරන්න.

දැන් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් වැඩකරනවද කියලා.අනිවාර්යෙන් වැඩකරන්න ඕන.හැබැයි සමහර කොරියන් වලින් ගෙන්වන ෆෝන් වල නම් වැඩ කරන්නැ.ඒක නම් ඉතින් කොහොමවත් හදන්න බැ.ඊලගට බලමු MMS Settings හදනනේ කොහොමද කියලා.ගැටලු තියනම් අහන්න.ඒවගේම මේ ගැන අදහසුත් කියලා යන්න.


 internet settings for android phones , dialog internet settings , mobitel internet settings  ,etisalat internet settings , airtel internet settings, hutch internet settings, GPRS settings for android phone , Mobitel GPRS settings , Dialog GPRS settings , airtel gprs settings , etisalat gprs setting , hutch gprs settings , mobitel gprs settings for android ,mobitel internet settings for android phones ,dialog internet settings for android phones ,dialog gprs settings for android phones , etisalat gprs settings for android phones , airtel gprs settings for android phones

Mobitel නොමිලේ දෙන Application එක ෆෝන් එකට දා ගමු

Mymobitel මේ Application එක අවශ්‍ය වෙන්නේ Mobitel සිම් භාවිතා කරන අයට.මේක දාගන්න පුලුවන් වෙන්නේ Android Phones වලට විතරයි.මේ Application එකෙන් Mobitel සේවාවන් ඉතා ඉක්මනින් පහසුවෙන් කරගන්න පුලුවන්.උදාහරණයකට කිව්වොත් ඔයාගේ බිල බලාගන්න ඕන ඔනවුනොත් සාමාන්‍යයෙන් කරන්නේ USAGE කියලා Massage වල Type කරලා 4567 Send ඒකනේ.නමුත් මේ Application එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ USAGE කියන එක ක්ලික් කරන්න විතරයි.ඔයාලගේ කාලය ඉතිරිකරගෙන්නත් ඒ කෝඩ් මතක තියාගන්න ඕන වෙන්නෙත් නැ.මම හිතන්නේ මේක අප‍ට වැදගත් වෙනවා.

මේ වාගේ මෙහි තිබෙන පහසුකම් කිහිපයක් නම්

Usage

Account

Balance

Last bill

Last Payment

Mis call Alert

M Tune

Exams Result

Lottery

GPRS/MMS Settings

IDD Rates 

etc.

මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා.ඔයාලටත් පුලුවන් මේ Application ඒක නොමිලේම Google Play Store වෙත ගොස් ඩවුන්ලෝඩ් කර ගන්න.ඒ සදහා Google Play Store ගිහින් Search බාර් ඒකේ Mymobitel කියලා ටයිප් කරලා Search කර Application ඒක Download කරගන්න පුලුවන්. ඔයාලගේ අදහස් කියලා යන්න. 


හොයන්න බැරිවෙන්න හංගමු

මේක ඔයාලට වැදගත් වෙවි කියලා හිතනවා.දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ ස්මාට් ‍ෆෝන් නේ.ඒයිනුත් වැඩිපුරම තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නේ.

මම කියන්න යන්නේ ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ තියෙන ඔයාලගේ වැදගත් නැත්නම් රහසිගත (කෙල්ලගේ ෆොටෝ.තව ඔය එක එක විදියේ විඩියෝ) පින්තුර විඩියෝ කොහොමද හංගන්නේ කියලා.

මේකට කරන්න තියෙන්නේ ‍පොඩි සොෆ්ට්වෙයා එකක් දාගන්න විතරයි.

  • මුලින්ම ඔයා ගුගල් ප්ලේ ස්ටො වෙත යන්න.

  •  දැන් සර්ච් බාර් එකේ ටයිප් කරන්න Gallery Lock කියලා.දැන් සර්ච් කරන්න.

  •  දැන් මුලින්ම ඇවිත් ඇති Gallery Lock Free (media lock ) කියලා එකක්.ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න.

  • ඒකේ එන පාස්වර්ඩ් එක 0000 ඒක ඔයාට වෙනස් කර ගන්න පුලුවන්.( පාස්වර්ඩ් එක වෙනස් කරන්න Settings - change password )



Samsung Phone Price List















Download 

samsung Price List , Sri lanka samsung phone price , Galaxy price sri lanka , galaxy s price , samsung Galaxy y price , galaxy y price sri lanka ,all samsung phone sri lanka price, galaxy s 2 price , galaxy s 2 sri lanka price , galaxy note sri lanka price , note sri lanka price , y duos sri lanka price , galaxy y lite sri lanka price.

සැම්සුන්ග් ගැලැක්සි S III

සැම්සුන්ග් ගැලැක්සි ඒස් III ස්මාට් දුරකථන වල සෑබැ වෙනසක් කල දුරකථනයකි.මෙය ඇපල් 4 එස් දුරකථනයටත් වඩා ප්‍රබල දුරකථනයක් ලෙස වුවද නම්කල හැක.දැනට ලොව පවතින ඉහලම තාක්ෂණයන් භාව්තා කර මෙය නිමවා ඇත.සැම්සුන් සමාගම මෙම දුරකථනය ඇතුලුව ස්මාට් දුරකථන නිපදවීමත් සමග දුරකථන වෙලදපොල තුල විශාල වෙනසක් ඇතිකර තිබේ.මෙම දුරකථනයෙහි විශේෂාංග රාශියකි.
ඔබ භාවිතා කරන දුරකථනයේ තිරයේ ආලෝකය ටික වෙලාවකින් නැතිවෙනවා එහෙමත් නැත්නම් ඔබ විසින් එය නැති කල යුතුයි නේද...නමුත් මෙම දුරකථනයේ  තිරයේ ආලෝකය ඔබගේ ඇස තිරය දෙස බලා සිටින තුරුම තිබේ. ඔබගේ ඇස ඉන් ඉවතට ගත් විගස ආලෝකය නැතිවේ.(Smart Stay eye tracking).
 අපට අවශ්‍ය සමහරක් ක්‍රියාවන් අප කටින් ප්‍රකාශ කල පසු එය ක්‍රියාත්මක කිරීම.(S-Voice natural language commands)


බර ග්රැම් 133 කි.අගල් 4.8 සුපර්ඇම්ලොයිඩ් පිස්කල් 720 x 1280 ක තිරය.(සුපර්ඇම්ලොයිඩ් ගැන මම කෙටියෙන් කියන්නම්.අපි භාවතා කරන දුරකථනයේ  සුපර් ඇම්ලොයිඩ් නොමැති නම් දවල්ට අව්වෙදි දුරකථන තිරයේ ඇති දෙවල් පැහැදිලිව පෙන්නැ නේද ?  සුපර්ඇම්ලොයිඩ් වලදි අව්වෙදි වුවද පැහැදිලිව තිරයේ ඇති දෙවල් පෙෙන්  )
LED ෆ්ලැෂරයක් සහිත මෙගාපික්සල් 8 කැමරාව,
ගිගාහර්ට් 1.4 ක පොසෙසරයක්, ගිගාබයිට් 16 ක මේමරියක් හා ගිගාබයිට් 64 දක්වා අමතර ෙමමරිකාඩ් භාවිත කල හැකිවීම.
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල ප්‍රවේශය(wi-fi)
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්,.මිලිඇම්පියර් 2100 බැටරියක් .HSDPA, 21 Mbps ෙව්ගයක් හා 4G අන්තර්ජාල තාක්ෂනෙයන්ද සමන්විතයි.රුපවාහිනි සදහා සම්බන්ද කිරීමට හැකිවීම. ගූගල් සමාගෙම් ගූගල් සිතියම් පහසුකම.ඊ ෙම්ල් ෆෙටො සංස්කරනය .සැටලයිට් මගින් සිතියම් නිරීක්ෂනය (GPS).

නොකියා පරදා සැම්සුන්ග් ඉහලට...



ලොව පකට දුරකථන සමාගමක් වන නොකියා සමාගමෙහි ජංගම දුරකථන අලෙවිය අභිභවායාමට සැම්සුන්ග් දුරකථන සමාගම සමක් වී ඇත.මෙලෙස නොකියා සමාගම වෙනත් සමාගමක ජංගම දුරකථන අලෙවියට දෙවැනි වී ඇත්තේ පළමු වරටයි.  

අලෙවි වාර්තා පෙන්වන පරිදි ජනවාරි සිට මාර්තු දක්වා කාලය ඇතුලත සැම්සුන්ග් සමාගමේ ජංගම දුරකථන ඒකක මිලියන 88 ක් අලෙවිකර ඇති අතර නොකියා සමාගම අලෙවිකර ඇත්තේ ඒකක මිලියන 83 ක් පමණි.
මේ අනුව නොකියා සමාගම අභිභවා යාමටසැම්සුන්ග් සමාගම  හැකිවී තිබේ.
 උපුටා ගැත්තේ " අද" පුවත් පතේන්.

ඇපල් අයි ෆෝන් 4

ඇපල් ෆෝන් අතරින් ඉතාම ජනපියම ෆෝන් මොඩල් එක වන්නේ ඇපල් අයි ෆෝන් 4 .මෙහි විශේෂාංග අතරින් මූලික ඒව නම්


අගල් 3.5 LED  TFT පිස්කල් 640 x 960 ක ටච් තිරය. මිලියන 16 වර්ණ
ගිගාහර්ට් 1 ක පොසෙසරයක්, ගිගාබයිට් 8 ක මේමරියක්.                    
LED ප්ලැෂරය සහිත මේගා පික්සල් 5  කැමරාව. 
ඉදිරිපසVGA කැමරාවක් සහිත  වීම.     
බර ග්රෑම් 137 කි,
7.2 අධිවේගි අන්තර්ජාල පිවිසුම.
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය 802.11b/g/n Wi-Fi
රැහැන් රහිත  දත්ත හුවමාරැව Bluetooth 2.1
මයිකෝ සිම් පමණක් භාවිත කල හැකිවීම.
TV සදහා සම්බන්ද කල හැකිවීම .
ම්ලි ඇම්පියර් 1420 බැටරියක පැය 7 (3G) ක් පැය 14 (2G) ක කතා කාලයක් පැය 6 ක් පමණ අන්තර්ජාලය භාවිතය .
ගුගල් මැප්.නැවිගේෂන් අන්තර්ගතවීම.
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්.යු ටියුබ්. පින්තූර සන්ස් කරනය 
ඊ මේල් පේස් බුක් ට්විටර් (Twitter) භාවිත කිරීමේ හැකියාව.   

සැම්සුන්ග් ගැලැක්සි Ace S5830





හැමෝටම අවුරුද්දට බෝනස් ලැබුනානේ මේන්න නියම ඇන්ඩොයිඩ් පෝන් එකක්.අලුත් අවුරුද්දට අලුත් ටච්  පෝන් එකක් ගන්න.සැම්සුන්ග් ගැලැක්සි ඒස්.මෙහි විශේෂාංග අතරින් මූලික ඒව නම්


අගල් 3.5 TFT පිස්කල් 320 x 480 ක ටච් තිරය. මිලියන 16 වර්ණ
LED ප්ලැෂරය සහිත මේගා පික්සල් 5  කැමරාව   
මෙගාහර්ට් 800 ක පොසෙසරයක්, මෙගාබයිට්1500 ක මේමරියක්  හා  ගිගාබයිට් 32 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
ගිගාබයිට් 2  මේමරි කාඩ්පතක් නොමිලේ ලැබීම       
බර ග්රෑම් 113 කි,
7.2 අධිවේගි අන්තර්ජාල පිවිසුම
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය (wi-fi)

ම්ලි ඇම්පියර් 1350 බැටරියක විනාඩි 627 ක කතා කාලයක්
ගුගල් මැප්.නැවිගේෂන් අන්තර්ගතවීම
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්.යු ටියුබ් පින්තූර සන්ස් කරනය 
ඊ මේල් පේස් බුක් භාවිත කිරීමේ හැකියාව
පිටුපස කවර දෙකක් (සුදු/ කලු)

 ලංකා මිල වන්නේ රුපියල් 39900.00    

චැම්ප් ඩිලැක්ස් - C3312



මේ අලුත්ම චැම්ප් ඩුවෙල් සිම් පෝන් එක.පරණ ඩුවෙල් සිම් පෝන් එකට වඩා හැඩයේන් වෙනස්.මේ පෝන් දෙකේම මිලනම් එක සමානයි.මුලිකම වෙනස වන්නේ සිම් දෙකම එකවර භාව්ත කල හැකි විම හා හැඩය වෙනස් වීම.

සිම් දෙකම එකවර භාව්ත කල හැකි විම
අගල් 2.8 TFT ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාව                  
බර ග්රෑම් 89.7 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක පැය 15 ක කතා කාලයක්
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
කෙටිපණිවිඩ 500 ක්,දුරකථන අංක 1000,මේගාබයිට් 30 ක ෆෝන් මේමරියක් හා ගිගාබයිට් 16 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
පැමිණි ඇමතුම් /මගහැරැනු ඇමතුම්/ ලබාගත් ඇමතුම්, 20 බැගින් ගබඩාවි තිබීම.
ඊ මේල් පේස් බුක් හා චැට් කිරීමේ හැකියව
වීඩ්යෝ පට්ගත කරිම හා නැරබීම.
 ලංකා මිල වන්නේ රුපියල් 11900.00

සැම්සුන්ග් චාම්ප් ඩුවෙල් E2652

 සැම්සුන්ග් වාම්ප්  දුරකථනයේම අලුත් මාදිලිය වන්නේ චාම්ප් ඩුවෙල් ය.
සිම් දෙකක් භාවිත කල හැකි මෙම දුරකථනයේ විශේෂාංග වන්නේ,
අගල් 2.6 ක TFT පික්සල් 240 x 320 ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාව
බර ග්රෑම් 88 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක විනාඩ් 860 කතා කාලයක්
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
කෙටිපණිවිඩ 1000 ක්,දුරකථන අංක 1000,මේගාබයිට් 50 ක ෆෝන් මේමරියක් හා ගිගාබයිට් 16 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
පැමිණි ඇමතුම් /මගහැරැනු ඇමතුම්/ ලබාගත් ඇමතුම්, 20 බැගින් ගබඩාවි තිබීම.
සුදු පාට/කලු පාට/සිල්ව පාට යන වර්ණවලින් දුරකථන ලබාගත හැක.
මෙහි දැනට පවතින  ලංකා මිල වන්නේ රුපියල් 11900.00
මෙම මිල වෙනස් විය හැක.

බ්ලැක්බෙරි බෝල්ඩ් 9000 ස්මාට් දුරකථනය

මම කියන්න යන්නේ බ්ලැක්බෙරි බෝල්ඩ් 9000 නම් බ්ලැක්බෙරි ස්මාට් ෆෝන් එක ගැන.

මෙය විශේෂාංග රැසකින් සමන්විත දුරකථනයකි.එයින් මූලික අංග වන්නේ
බර ග්රැම් 133 කි.අගල් 2.6 TFT පිස්කල් 480 x 230 ක තිරය.
LED ෆ්ලැෂරයක් සහිත මෙගාපික්සල් 2 කැමරාව,
මෙගාහර්ට් 624 ක පොසෙසරයක්, මෙගාබයිට් 128 ක මේමරියක්
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය(wi-fi)
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්,සම්පූර්න යතුරු පුවරුවක්,අමතර මෙමරිකාඩ් ගිගාබයිට් 8 දක්වා භාවිත කිරිමේ හැකියාව.මිලිඇම්පියර් 1500 බැටරියක් මගින් පැය 5 ක පමණ කථා කාලයක් හා පැය 12 සංගීතය රසවිදීමෙ හැකියාව.

ඔරලෝසුවක් දුරකථනයක්........................



වෙලාවට වැඩ නොකලත් වෙලාව අපි කාටත් අවශ්‍යම දෙයක්.මීට කලකට පෙර සෑම පුද්ගලයෙක්ම වාගේ ඔරලෝසුවක් පාවිච්චි කල නමුත් ජංගම දුරකථන පැමිනීමත් සමග ඔරලෝසු භාව්තය අඩුවිය.එයට හේතුව වුයේ සැම දුරකථනයකම වාගේ ඔරලෝසුව අනිවාර්ය අංගයක් වු බැවිනි.නමුත් දැන් දුරකථනය එලියට ගෙන පරණ තාලයට වෙලාව බැලීමට අවශ්‍ය වන්නේ නැත.මන්ද අත් ඔරලෝසුවම දැන් දුරකථනයක් වී පැමිණ ඇති බැවිනි.සැම්සුන් (Samsung)  සහ LG සමාගම් දෙක මෙලෙස ඔරලෝසු දුරකථන නිපදවා තිබේ.

Samsung S9110 දුරකථනයේ මෙගා බයිට් 40 අභ්‍යන්තර මතක ධාරිතවක්, හඩ පටිගත කිරිමෙ හැකියාව සහ Bluetooth ඉයර් පෝනයක් මගින් ඇමතුම් ලබාගැනිමේ හැකියාව, ග්රෑම් 91 පමණ බරකින් යුතු ඔරලෝසු දුරකථනයකි.

ඔබේ දුරකථන‍යට සිංහලෙන් පුවත්

දැන් ඔබට ඔබගේ  ඇන්ඩොයි දුරකථනයෙන් උණුසුම් පුවත් සිංහලෙන් බලාගැනීමට පුලුවන්.මේ සදහා ඔබගේ දුරකථනයෙන් ඇන්ඩොයිඩ් මාකට් වෙත ගොස් puvath යනුවෙන් ටයිප් කර සර්ච් කරන්න.






Puvath:Sri Lanka Sinhala News 
Bhasha,Inc
*****                                         




  මෙසේ දිස්වන  ඇප්ලිකේෂන් එක Install කරගන්න.ඔබගේ දුරකථනයේ මෙනුව තුල ඇති පුවත් අයිකන් එක මත ක්ලික් කරන්න.දැන් ඔබට සිංහලේන් පුවත් බලා ගැනිමට හැකි වනු ඇත.

Talkin Tom Cat - කාතා කරන පුසා



ඇන්ඩොයිඩ් දුරකතන වලට ඇතුලත් කල හැකි වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක කල පසු අවට පරිසරයේ ඇසෙන සැම ෂබ්දයක්ම නැවත හඩ වෙනස් වි ඇසේ.මෙය ඇන්ඩොයිඩ් මාකට් මගින් නොමිලේ ලබාගක හැකිය. ඇන්ඩොයිඩ් මාකට් වෙත ගොස් Talking Tom Cat Free යනුවෙන් ටයිප් කර ඩවුන්ලොඩ් කරගත හැක.


මෙය ඉතා විනෝදජනක වැඩසටහනකි.

සිංහල ඉංගිසි ශබ්ද්දකෝෂයක් ෆෝන් එකට දා ගමු



 ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් එකනට සිංහල ඉංග්‍රීසි ශබ්ද්දකෝෂයක් දාගත්තොත් හොදයි නේද ....?මොකද අපි නොදන්න ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම ටග්ගාලා බලාගන්න පුලුවන්නේ.මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි. 

*අන්තර්ජාලය අවශ්‍ය නොවේ

* සිංහල වචන 150000 පමණ තේරුම් තාබීම

* කුඩා ඉඩක් පමණක් යාම

* සිංහල ෆොන්ට් installකිරීම අවශ්‍ය නොවීම

ඔයාලට පුලුවන් ගුලග් ප්ලේස්ට්‍රෝ වෙත ගොස් Sinhala Dictionary ලෙස ටයිප් කර නෙමිලේ ඩවුන්ලොඩ් කරගත හැකිය.

Offline English to Sinhala / Sinhala to English Dictionary for Android version 2.1 and above. sinhala Dictionary for android phone , Sinhala Dictionay free download , free sinhala Dictionary .