how mutch online

Gril Happy
 rahas padesha
Showing posts with label Mobile Tricks. Show all posts
Showing posts with label Mobile Tricks. Show all posts

Internet Settings ගේමක් නැතිව හදමු.

අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල GPRS නැත්නම් INTERNET Settings හදන්නේ කොහෙමද කියලා.මේක මම කලින් sl4tech එකේ දාපු ලිපියක්.ඒක මම කැඩිච්ච කඩ්ඩෙන් ලිව්වේ :P . දැන් ඉතින් ඉතින් තේරෙන සිංහලෙන් දාන්න හිතුවා.

විවිධ නෙට්වක්වල සිම් භාවිතා කරන අය ඉන්නවනේ ඒ ඕනැම කෙනෙකුට තමාගේ සිම් එකේ නෙට්වක් එක අනුව Internet Settings හදාගන්න විදිය පහත තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විතරයි මේ විදියට හදන්න පුලුවන්.

  • මුලින්ම ඔයාගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Menu වලට යන්න.

  • Settings තෝරන්න > Wireless and networks තෝරන්න 

  • Wireless and networks වල පහලම තියෙන Mobile networks තෝරන්න 

  • ඒකේ මුලින්ම ඇති use packet data කියලා එකක්.ඒකට ටික් එකක් දාන්න.

  • දැන් Access point name තෝරන්න 

  • දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Internet Settings තියෙනවානම් මෙතන ඒවා බලාගන්න පුලුවන්.දැන් බලමු කොහොමද අලුතෙන් හදන්නේ කියලා.

  • options buttons එක ක්ලික් කරන්න.  රුපය 1 බලන්න.

  • දැන්  + ලකුණක් සමග තියෙන  New APN  කියන එක තෝරන්න.

     රුපය 1 (options buttons)

  •  Name තෝරන්න. Name එකට ඔයාගේ නෙට්වර්ක් ඒකේ නම ටයිප් කර ok කරන්න. (Eg : Mobitel ,Dialog ,Hutch ,Airtel , Etisalat)

  • APN තෝරන්න. APN එකට පහත තියන APN වලින් අදාල එක ටයිප් කරන්න.

Network Name         APN

Mobitel                 :   mobitel3g

Dialog                   :   Pre paid sim   ppwap

                                Post paid sim  www.dialogsl.com                           

Etisalat                  :   wap

Hutch                    :   htwap

Airtel                     :  Airtellive


  • ගොඩක් වෙලාවට APN ටයිප් කරලා සේව් කලාමත් Internet වැඩ කරනවා. ඉතුරුටිකත් හදන විදිය බලමු.

  • APN ටයිප් කර ok කරන්න.දැන් ඊට පහලින් තියෙන MMSC proxy කියන එක තෝරන්න

  • පහත තියන MMSC proxy වලින් අදාල එක ටයිප් කරන්න.

 

Network Name         MMSC proxy

Mobitel                 :   192.168.050.163

Dialog                   :   192.168.122.002                         

Etisalat                  :   192.168.104.004

Hutch                    :   010.220.135.249

Airtel                     :   010.200.184.086

 

  •  MMSC port තෝරන්න.ඒ සදහා 8080 ලෙස ටයිප් කරන්න.මෙය සැම නෙට්වර්ක් එකකම සමාන වන අතර Etisalat වල පමණක් 9401 ලෙස ටයිප් කරන්න.

  • APN type තෝරන්න .ඒ සදහා Internet ලෙස ටයිප් කරන්න.සමහර ෆෝන් වල මෙය තෝරන්න තියෙන්න පුලුවන්.එහිදි Internet හෝ Internet + MMS තෝරන්න.

  •  දැන් නැවතත් options buttons එක ක්ලික් කර Save කරන්න .  රුපය 1 බලන්න.

  •  දැන් ඔයා Name එකට දාපු නමට ඉදිරියෙන් රවුමක් කොලපාටින් වැටිලා තියෙද බලන්නත.එසේ වැටිලා නැත්නම් ඒය ඉදිරියෙන් තියෙන රවුම ක්ලික් කරන්න.

දැන් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් වැඩකරනවද කියලා.අනිවාර්යෙන් වැඩකරන්න ඕන.හැබැයි සමහර කොරියන් වලින් ගෙන්වන ෆෝන් වල නම් වැඩ කරන්නැ.ඒක නම් ඉතින් කොහොමවත් හදන්න බැ.ඊලගට බලමු MMS Settings හදනනේ කොහොමද කියලා.ගැටලු තියනම් අහන්න.ඒවගේම මේ ගැන අදහසුත් කියලා යන්න.


 internet settings for android phones , dialog internet settings , mobitel internet settings  ,etisalat internet settings , airtel internet settings, hutch internet settings, GPRS settings for android phone , Mobitel GPRS settings , Dialog GPRS settings , airtel gprs settings , etisalat gprs setting , hutch gprs settings , mobitel gprs settings for android ,mobitel internet settings for android phones ,dialog internet settings for android phones ,dialog gprs settings for android phones , etisalat gprs settings for android phones , airtel gprs settings for android phones

ෆෝන් හොරු අල්ලමු





ඔයාගේ ෆෝන එක නැති වුනොත් මොකද කරන්නේ......

 

මුලින්ම කරන්නේ කෝල් එකක් දිලා ඔයාගේ ෆෝන් එක රින් වෙනවද බලනවා නේද.එහෙමත් නැත්නම් පිස්සුවෙන් වගේ හැමතැනම හොය හොය යන එක නේද.බැරිම තැන පොලීසියට කියනවා.කොහේද ඒකටත් එමිය ඕන නේ.කොහොම හරි මෙහෙම කරලා හොයාගන්න වෙන්නේ බොහොම කලාතුරකින් නේද.

 





                                              

හැබැයි දැන් මේකට නියම විසදුමක් දුරකථනවල තියෙනවා.මේක නවීන දුරකතන වල තියන ඉතා වැදගත් අංගයක්.මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට්.

මොකද්දමේ  මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට් කියන්නේ.

අපි ෆෝන් එකක් අහුලපු ගමන් මොකද කරන්නේ .සිම්එක ගලවලා දාලා අපේ සිම් එකක් දාගන්නවා නේද.

මේ මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට් එකෙන් කරන්නේ ඒ විදියට දාගන්න සිම් එකේ නම්බර් එක කෙටි පණිවිඩයක් මගින් අපිට කියන එක.


මේක වෙන්නේ ෆෝන් එකේ සිකියුරිටි සෙටින් වල තියෙන සිම් චේන්ජ් හෝ මොබයිල් ටැකර් සැකසුම් මගිනි.

මුලින්ම සුදුසු රහස් අංකයක් යොදා ඇතුල් වන්න.ඉන්පසු මේ ෆොන් එකට දාන සිම් එකේ නම්බර් එක යැවිය යුතු දුරකථන අංක 1ක් හෝ 2 ක් ඉල්ලනවා.අදාල අංක ලබාදිමේදි ඕයාට සමීප අයකුගේ කෙටිපනිවිඩ බැලිය හැකි අංක ලබාදෙන්න.මොකද මේ අංකය ලැබෙන්නේ කෙට්පණිවිඩයක් මගිනි.

දැන් ඔයාගේ ෆෝන් එක නැති වුනු ගමන්ම අහුලාගත් කෙනා දමන සිම් එකේ නම්බර් එක කෙට්පණිවිඩයක් මගින් ලැබේවි.දැන් පොලීසියට කියන්න තියෙන්නේ මෙන්නමේ සිම් කාඩ් පත හිමි පුද්ගලයාගාව ෆෝන් එක තියෙනවා කියලා විතරයි.වැඩේ ලෙහෙසියි නේද.






ස්මාට් ෆෝන් වල ගුගල් මැප් මගින් සෙවීමට හැකිවීම.

 

තව මේ සමග පහසුකම් රැසක් හිමිවෙනවා

තවත් මෙවනිම දුරකථනයකින් ඔයාගේ දුරකථනය හා සම්බන්ධවී එහි තිබෙන දුරකථන අංක මැකීම දුරකථන අංක ලබා ගැනීම.ඇමතුම් හැරවීම.වගේ දේවල් කරන්නත් පුලුවන්.


මේය සකීය කිරීමට අපහුනම් මට දන්වන්න මම උදව් කරන්නම්.


* මෙම පහසුකම සැම දුරකථනවලම නොමැත.

ලංකාදීප පුවත් ඇන්ඩොයිඩ් දුරකතනයෙන්







ව්‍යාපාරික දේශපාලන ඇතුලු උණුසුම් පුවත් ලංකාදීප එසැණ පුවත් ඔබේ දුරකථනයේ ස්ථාපනය කිරීමෙන් ඉතා පහසුවෙන් සිංහලෙන්ම නැරබීමට හැක.මේය ඕනෑම ඇන්ඩොයිඩ් දුරකථනයකට ඇතුලත් කල හැක.මෙම පුවත් පේස්බුක් ඊමේල් මගින්  ඔබේ යහලුවන් සමග බෙදා ගනීමටද පුලුවන්.

මෙය ලබාගැනීමට Lankadeepa ලෙස ප්ලේ ස්ටො තුල ටයිප් කරන්න.



මොබයිල් පෝන් සර්විස් කෝඩ්

මෙවා කරද්දි පරිස්සමින් කරන්න ඕන.මොකද ඔයාලගේ පෝන් එකේ දත්ත මැකේන්න නැතිවෙන්න පුලුවන්.එකනිසා පරිස්සමට කරන්න.පාස්වර්ඩ් රීසෙට් වෙනවා.සමහර ලෙඩ හරියනවා.මම නම් කරලා බැලුවා.මමත් ඉන්ටනෙට් එකෙන්මයි හොයා ගත්තේ.

සැම්සොන් දුරකථන සදහා

 Full reset: *2767*3855#

චයිනා  පෝන් සදහා

* default user code: 1122, 3344, 1234, 5678
* Engineer mode: *#110*01#
* Factory mode: *#987#
* Restore factory settings: *#987*99#


නොකියා  පෝන් සදහා
 
*#7780# reset to factory settings.
*
#0000# To view software version.
*
#7328748263373738# resets security code.
Default security code is 12345
* # 92702689 # [* # warranty #]