අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල GPRS නැත්නම් INTERNET Settings හදන්නේ කොහෙමද කියලා.මේක මම කලින් sl4tech එකේ දාපු ලිපියක්.ඒක මම කැඩිච්ච කඩ්ඩෙන් ලිව්වේ :P . දැන් ඉතින් ඉතින් තේරෙන සිංහලෙන් දාන්න හිතුවා.
විවිධ නෙට්වක්වල සිම් භාවිතා කරන අය ඉන්නවනේ ඒ ඕනැම කෙනෙකුට තමාගේ සිම් එකේ නෙට්වක් එක අනුව Internet Settings හදාගන්න විදිය පහත තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විතරයි මේ විදියට හදන්න පුලුවන්.
මුලින්ම ඔයාගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Menu වලට යන්න.
Settings තෝරන්න > Wireless and networks තෝරන්න
Wireless and networks වල පහලම තියෙන Mobile networks තෝරන්න
ඒකේ මුලින්ම ඇති use packet data කියලා එකක්.ඒකට ටික් එකක් දාන්න.
දැන් Access point name තෝරන්න
දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Internet Settings තියෙනවානම් මෙතන ඒවා බලාගන්න පුලුවන්.දැන් බලමු කොහොමද අලුතෙන් හදන්නේ කියලා.
options buttons එක ක්ලික් කරන්න. රුපය 1 බලන්න.
දැන් + ලකුණක් සමග තියෙන New APN කියන එක තෝරන්න.
රුපය 1 (options buttons)
Name තෝරන්න. Name එකට ඔයාගේ නෙට්වර්ක් ඒකේ නම ටයිප් කර ok කරන්න. (Eg : Mobitel ,Dialog ,Hutch ,Airtel , Etisalat)
APN තෝරන්න. APN එකට පහත තියන APN වලින් අදාල එක ටයිප් කරන්න.
Network Name APN
Mobitel : mobitel3g
Dialog : Pre paid sim ppwap
Post paid sim www.dialogsl.com
Etisalat : wap
Hutch : htwap
Airtel : Airtellive
ගොඩක් වෙලාවට APN ටයිප් කරලා සේව් කලාමත් Internet වැඩ කරනවා. ඉතුරුටිකත් හදන විදිය බලමු.
APN ටයිප් කර ok කරන්න.දැන් ඊට පහලින් තියෙන MMSC proxy කියන එක තෝරන්න
පහත තියන MMSC proxy වලින් අදාල එක ටයිප් කරන්න.
Network Name MMSC proxy
Mobitel : 192.168.050.163
Dialog : 192.168.122.002
Etisalat : 192.168.104.004
Hutch : 010.220.135.249
Airtel : 010.200.184.086
MMSC port තෝරන්න.ඒ සදහා 8080 ලෙස ටයිප් කරන්න.මෙය සැම නෙට්වර්ක් එකකම සමාන වන අතර Etisalat වල පමණක් 9401 ලෙස ටයිප් කරන්න.
APN type තෝරන්න .ඒ සදහා Internet ලෙස ටයිප් කරන්න.සමහර ෆෝන් වල මෙය තෝරන්න තියෙන්න පුලුවන්.එහිදි Internet හෝ Internet + MMS තෝරන්න.
දැන් නැවතත් options buttons එක ක්ලික් කර Save කරන්න . රුපය 1 බලන්න.
දැන් ඔයා Name එකට දාපු නමට ඉදිරියෙන් රවුමක් කොලපාටින් වැටිලා තියෙද බලන්නත.එසේ වැටිලා නැත්නම් ඒය ඉදිරියෙන් තියෙන රවුම ක්ලික් කරන්න.
දැන් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් වැඩකරනවද කියලා.අනිවාර්යෙන් වැඩකරන්න ඕන.හැබැයි සමහර කොරියන් වලින් ගෙන්වන ෆෝන් වල නම් වැඩ කරන්නැ.ඒක නම් ඉතින් කොහොමවත් හදන්න බැ.ඊලගට බලමු MMS Settings හදනනේ කොහොමද කියලා.ගැටලු තියනම් අහන්න.ඒවගේම මේ ගැන අදහසුත් කියලා යන්න.
internet settings for android phones , dialog internet settings , mobitel internet settings ,etisalat internet settings , airtel internet settings, hutch internet settings, GPRS settings for android phone , Mobitel GPRS settings , Dialog GPRS settings , airtel gprs settings , etisalat gprs setting , hutch gprs settings , mobitel gprs settings for android ,mobitel internet settings for android phones ,dialog internet settings for android phones ,dialog gprs settings for android phones , etisalat gprs settings for android phones , airtel gprs settings for android phones