how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

Internet Settings ගේමක් නැතිව හදමු.

අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල GPRS නැත්නම් INTERNET Settings හදන්නේ කොහෙමද කියලා.මේක මම කලින් sl4tech එකේ දාපු ලිපියක්.ඒක මම කැඩිච්ච කඩ්ඩෙන් ලිව්වේ :P . දැන් ඉතින් ඉතින් තේරෙන සිංහලෙන් දාන්න හිතුවා.

විවිධ නෙට්වක්වල සිම් භාවිතා කරන අය ඉන්නවනේ ඒ ඕනැම කෙනෙකුට තමාගේ සිම් එකේ නෙට්වක් එක අනුව Internet Settings හදාගන්න විදිය පහත තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විතරයි මේ විදියට හදන්න පුලුවන්.

  • මුලින්ම ඔයාගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Menu වලට යන්න.

  • Settings තෝරන්න > Wireless and networks තෝරන්න 

  • Wireless and networks වල පහලම තියෙන Mobile networks තෝරන්න 

  • ඒකේ මුලින්ම ඇති use packet data කියලා එකක්.ඒකට ටික් එකක් දාන්න.

  • දැන් Access point name තෝරන්න 

  • දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Internet Settings තියෙනවානම් මෙතන ඒවා බලාගන්න පුලුවන්.දැන් බලමු කොහොමද අලුතෙන් හදන්නේ කියලා.

  • options buttons එක ක්ලික් කරන්න.  රුපය 1 බලන්න.

  • දැන්  + ලකුණක් සමග තියෙන  New APN  කියන එක තෝරන්න.

     රුපය 1 (options buttons)

  •  Name තෝරන්න. Name එකට ඔයාගේ නෙට්වර්ක් ඒකේ නම ටයිප් කර ok කරන්න. (Eg : Mobitel ,Dialog ,Hutch ,Airtel , Etisalat)

  • APN තෝරන්න. APN එකට පහත තියන APN වලින් අදාල එක ටයිප් කරන්න.

Network Name         APN

Mobitel                 :   mobitel3g

Dialog                   :   Pre paid sim   ppwap

                                Post paid sim  www.dialogsl.com                           

Etisalat                  :   wap

Hutch                    :   htwap

Airtel                     :  Airtellive


  • ගොඩක් වෙලාවට APN ටයිප් කරලා සේව් කලාමත් Internet වැඩ කරනවා. ඉතුරුටිකත් හදන විදිය බලමු.

  • APN ටයිප් කර ok කරන්න.දැන් ඊට පහලින් තියෙන MMSC proxy කියන එක තෝරන්න

  • පහත තියන MMSC proxy වලින් අදාල එක ටයිප් කරන්න.

 

Network Name         MMSC proxy

Mobitel                 :   192.168.050.163

Dialog                   :   192.168.122.002                         

Etisalat                  :   192.168.104.004

Hutch                    :   010.220.135.249

Airtel                     :   010.200.184.086

 

  •  MMSC port තෝරන්න.ඒ සදහා 8080 ලෙස ටයිප් කරන්න.මෙය සැම නෙට්වර්ක් එකකම සමාන වන අතර Etisalat වල පමණක් 9401 ලෙස ටයිප් කරන්න.

  • APN type තෝරන්න .ඒ සදහා Internet ලෙස ටයිප් කරන්න.සමහර ෆෝන් වල මෙය තෝරන්න තියෙන්න පුලුවන්.එහිදි Internet හෝ Internet + MMS තෝරන්න.

  •  දැන් නැවතත් options buttons එක ක්ලික් කර Save කරන්න .  රුපය 1 බලන්න.

  •  දැන් ඔයා Name එකට දාපු නමට ඉදිරියෙන් රවුමක් කොලපාටින් වැටිලා තියෙද බලන්නත.එසේ වැටිලා නැත්නම් ඒය ඉදිරියෙන් තියෙන රවුම ක්ලික් කරන්න.

දැන් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් වැඩකරනවද කියලා.අනිවාර්යෙන් වැඩකරන්න ඕන.හැබැයි සමහර කොරියන් වලින් ගෙන්වන ෆෝන් වල නම් වැඩ කරන්නැ.ඒක නම් ඉතින් කොහොමවත් හදන්න බැ.ඊලගට බලමු MMS Settings හදනනේ කොහොමද කියලා.ගැටලු තියනම් අහන්න.ඒවගේම මේ ගැන අදහසුත් කියලා යන්න.


 internet settings for android phones , dialog internet settings , mobitel internet settings  ,etisalat internet settings , airtel internet settings, hutch internet settings, GPRS settings for android phone , Mobitel GPRS settings , Dialog GPRS settings , airtel gprs settings , etisalat gprs setting , hutch gprs settings , mobitel gprs settings for android ,mobitel internet settings for android phones ,dialog internet settings for android phones ,dialog gprs settings for android phones , etisalat gprs settings for android phones , airtel gprs settings for android phones

3 අදහස්:

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.